S001 A は B です。

AB です。

わたし 先生 です。

さくら さん かんごふ さん です。

ජපන් භාෂාවේ "AB です。 ( A wa B desu.) " වාක්‍ය ව්‍යුහය බහුලව භාවිතා වන අතර, එය "A is/are/am B" යන අදහස ප්‍රකාශ කිරීමට භාවිතා වේ.

මෙහි "は" (wa) යන්න particle එකක් ලෙස හදුන්වන අතර, "です" (desu) යන්න වක්‍යයේ අවසනට යොදන copula verb හෝ ක්‍රියා සන්ධානය වේ. "です" (desu) යන්න "ය", "වේ" හෝ "වෙමි" ලෙස පරිවර්තනය කළ හැකිය. "です" (desu) යන්න ආචාරශීලී වැකි අවසන් වචනයකි. " A は B " ලෙස "です" වෙනුවට "" යොදා plain form වැකියක් ලෙසට එය පරිවර්තනය කළ හැකිය. නමුත් එය එතරම් ආචාරශීලී නැත.

"AB です。" වාක්‍ය ව්‍යුහයේ උදාහරණයක් ලෙස, "わたし 先生 です。 (Watashi wa sensei desu.) " යන්න සලකා බලමු. එය සිංහල භාශාවට පරිවර්තනය වන්නේ "මම ගුරුවරයෙක් වෙමි" ලෙසයි. මෙහි "わたし" (watashi) යනු "මම" සහ "先生" (sensei) යනු "ගුරුවරයෙක්" යන්නයි.

ඒ හා සමානව, "さくら さん かんごふ さん です。 (Sakura-san wa kangofu-san desu.) " යන්නෙන් පරිවර්තනය වන්නේ "සකුරා-සන් හෙදියක් වේ" යන්නයි. මෙහි "さくら さん" (Sakura-san) හි "さん" (san) යන්න මහතා/මෙනෙවිය/මහත්මිය ලෙස අර්ත දැක්විය හැකි වන අතර "かんごふ" (kangofu) යනු "හෙදිය" යන්නයි.

සමහර විට "かんごふ" ට "かんごふ さん" ලෙස "さん" (san) යන්න යොදා තවත් ආචාරශීලී ලෙස ද භාවිතා කර හැකිය.

මෙම "AB です。 ව්‍යුහය ජපන් භාෂාවේ මූලික විස්තරාත්මක වාක්‍ය සැකසීම සඳහා අත්‍යවශ්‍ය වේ.

QUIZ

QUIZ

Complete and Continue